උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය

  • උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය( Irritable bowel syndrome (IBS) යනු ආහාර ජීර්ණ පද්ධතිය ට බලපෑම් ඇති කරන සුලබ තත්වයකි.
  • එමගින්, බඩ පෙරලීම, බඩ පිපීම, බඩ බුරුලට යාම සහ මල බද්දය වැනි රෝග ලක්ෂණ ඇතිවේ. මෙම ලක්ෂණ කලින් කලට ඇතිවිය හැකි අතර, එසේ ඇතිවූ විට දින, සති හෝ මාස ගණනක් පුරාවට පැවැතිය හැකිය.
  • එය සාමාන්‍යයෙන් ජීවිත කාලය පුරාවටම පවතින ගැටලුවකි. එම තත්ත්වය සමග ජීවත් වීම ඉතාමත් දුෂ්කර විය හැකි අතර, එමගින් ඔබේ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් ඇති කල හැකිය.
  • මෙම තත්ත්වය සුවකිරීමට ප්‍රතිකාරයක් නොමැත. නමුත්, ආහාර රටාව වෙනස් කිරීම මගින් සහ ඖෂධ මගින් බොහෝවිට රෝග ලක්ෂණ පාලනය කල හැකිය.
  • මෙම තත්ත්වය ට නිෂ්චිත හේතුවක් සොයාගෙන නැත. ඔබගේ ජීර්ණ පද්ධතිය හරහා ආහාර ගමන් කරන වේගය (ඉතා වේගවත් හෝ ඉතා සෙමින්), අතුනු බහන් වල අධිසංවේදී ස්නායු, මානසික ආතතිය සහ පවුල් ඉතිහාසය වැනි සාධක සමග එහි සම්බන්දයක් ඇත.